පේමානන්ද යනු, මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර, ප්‍රකට ප්‍රචලිත නාමයකි. මෙම නාමය භාෂා නිරුක්තියෙන් ගෙන බැලුවහොත්, එහි අැත්තේ ප්‍රේමය පිළිබඳ අදහසක් යැයි කෙනෙකුට සිතිය හැකි ය. භික්ෂූන් වහන්සේ නමකට එවැනි නමක් උචිත නැතැයි කෙනෙකු තර්ක කළ හැකි ය.
දිනක් මාගේ හිතවතෙකුද එම තර්කය මා හමුවේ නැගී ය.

පේමානන්ද යන නාමයේ ඇති පද එකින් එක විග්‍රහ කරගත්විට, සංයුත්ත නාමයේ අර්ථය දැකිය හැක.
පේ + අමා + නන්ද
පේ යනු, පිරිසිදු බවට නමකි. වැදගත් පින්කමක් සිදු කිරීමට පෙර පේ වීමේ සිරිතක් බෞද්ධයන් අතර ඇත. පේ වීම යනු පිරිසිදු වීමයි. කෙසේ පිරිසිදු වීමද, සිතින්, කයින්, වචනයෙන් පිරිසිදු වීමයි. චර්යාවෙන්, පැවැත්මෙන් පිරිසිදු වීමයි.
අමා යනු අමෘතයයි. ලෝකෝත්තර අර්ථයෙන් අමෘතය යනු නිවනයි.
නන්ද යනුු සතුටයි. සතුටු විමයි. ඒ අනුව පේමානන්ද යන නාමයේ නිරුක්ති අර්ථය වන්නේ, පිරිසිදු / පිවිතුරු අමෘතයෙන් සතුටට පත් වන්නායි. නැතහොත් පාරිශුද්ධ නිවනින් සැනසෙන්නා යනුයි.
එහි ඇත්තේ පරම ලෝකෝත්තර වූ අර්ථයකි.
- නලිඳු සැපත් -
Comments
Post a Comment