හෙළ බස උපන් ආකාරය පිළිබඳ විවිධ මතවාද ඇත. කෙසේ වුවද හෙළ බස යනු අතිශයින් දියුණු භාෂාවක් බව ලෝකයම පිළිගන්නා කරුණයි. ඊට හේතුව කුමක්ද ?
හෙළ බස යනු අතීතයේ සිටම බුදු දහම ලෝකයට ගෙන ගිය භාෂාවයි. ලෝකයේ බොහෝ දෙනා ධර්මාවබෝධය ලැබීම පිණිස භාවිත කළ භාෂාවයි. එමනිසාම අතීතයේ සිටම හෙළ බස ලොව ප්‍රඥාවන්තයන් අතර මහත් ගෞරවයට පාත්‍ර විය. අනුරාධපුර දුටුගැමුණු රාජ සමය වන විට, හෙළදිව පමණක් නොව ලොව සතර දෙස, සිව් පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලා දහස් ගණනින් වැඩ සිටි බව පොතපතෙහි දැක්වේ. අනුරාධපුරයේ අති පාරිශුද්ධ ස්වර්ණමාලි මහා සෑ රදුන් වහන්සේගේ ධාතු ගර්භය පිහිටුවනදා එම පින්කමට, ලොව පුරා වැඩ සිටි මහා සෘර්ධිමත් මහ රහතන් වහන්සේලා අනු හය කෝටියක් දෙනා, සෘර්ධි බලයෙන් එම පින්බිමට වැඩම කළ බව ශාසන වංශකතාවෙහි දැක්වෙයි.
ලොව එකල එතරම් බෞද්ධ ප්‍රබෝධයක් පැවතීමට හේතුව වූයේ නිර්මල බුදු සසුනේ නැඟීමයි. නිර්මල බුදු සසුන එලෙස විරාජමාන වීමට එක් හේතුවක් වූයේ, පරම ගාම්භීර බුද්ධ භාෂිතය නිවැරැදිව විග්‍රහ කරමින් හෙළ මහ රහතන් වහන්සේලා විසින් හෙළ බසින් ලියන ලද හෙළ දහම් අටුවා (උද්දේස / නිද්දේස / පටිනිද්දේස වශයෙන්) ලොව පුරා ව්‍යාප්තව පැවැති නිසයි. එකල අනුරාධපුර මහා විහාරය ලොව ප්‍රමුඛ බෞද්ධ මධ්‍යස්ථානය වශයෙන් පැවතී ඇත. හෙළ අටුවා තුළ නිර්මල බුද්ධ භාෂිතය නිවැරැදිව විග්‍රහ කරනු ලැබීම නිසා, පහසුවෙන් ධර්මය අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසිණ. බුදු දහම ලොව තුළ දැවැන්ත ලෙස ව්‍යාප්ත වීමට එය මහත් රුකුලක් විය.
නමුත් පසුව ඉන්දියාවෙන් මෙරටට පැමිණි බුද්ධඝෝෂ නම් භික්ෂුව විසින්, හෙළ අටුවා සංස්කෘත මිශ්‍ර පාලියට නැගීමෙන් අනතුරුව, එම හෙළ අටුවා බොහෝ ප්‍රමාණයක් (හොඳින් වැඩුණු ඇතුන් සත් දෙනෙකුගේ උසට සරිලන ප්‍රමාණයක්) මහා විහාර භූමියේදීම ගොඩ ගසා ගිනිබත් කළ බව පැවසේ. ඉන් සිදු වූයේ හෙළ නිරුක්ති සහිත හෙළ බසින් පවත්වාගෙන එනු ලැබූ නිර්මල දහම් රටාව ක්‍රමයෙන් අභාවයට යාමයි. මිනිසුන් නිර්මල බුදු දහමින් දුරස් වීමයි.
හෙළ බස සම්භවය වූ ආකාරය සලකා බැලීමේදී, හෙළ බස සහ නිර්මල බුදු දහම අතර පවත්නා අන්‍යෝන්‍ය සම්බන්ධය මැනවින් වටහාගත හැකි ය.
හෙළ බස වූ කලී මාගධී මූල භාෂාව හෙවත් තථාගත බුදු පියාණන් වහන්සේ ලොවට ධර්මය දේශනා කළ භාෂාව ආභාසයෙන් උපන්නකි. හෙළ බස වූ කලී සත්වයාගේ පාරිශුද්ධියට අත්වැල් දීම උදෙසාම උපන් බසකි. හෙළ බස යනු, මිනිස් හැඟීම්වලට හිමි ගති හඬ වඩාත් නිවැරැදිව ප්‍රකාශ කළ හැකි මහාර්ඝ සුවිශේෂි භාෂාවකි.
හෙළවීම යනු සත්‍යාවබෝධය ලැබීමයි. අවිද්‍යාව දුරු කිරීමයි. අනන්ත සසරේ සිට අවිජ්ජා අන්ධකාරයේ පෙළෙන සත්වයා හෙළිවීම ලබන්නේ නිර්මල බුදු දහම වෙතිනි. බුදු දහම තුළින් හෙළි වූ මිනිස් ප්‍රජාවක් නිසා එකල මෙහි වීසූවන් හෙළයෝ නමින් හඳුන්වනු ලැබූහ. හෙළිවූවන් අතරද ශ්‍රේෂ්ඨත්වයට පත් (මහ රහත් පරපුරක් බිහි කළ) මිනිස් පරපුරක් නිසා පසු කලෙක ශ්‍රේෂ්ඨ + හෙළ හෙවත් සී + හෙළ බවට පත් විය. පසුව සීහල ලෙසද, සිහල ලෙසද වහරට එක්විය. අද එය සිංහල වී ඇත්තේ කාලයාගේ ඇවෑමෙනි.
මාගධි යන්නෙහි අදහස වන්නේ මාර්ගයේ ආදි භාෂාව යන්නයි. ඊටද හේතුවක් ඇත. අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන ආකාරයට, එක් මහා කල්පයකට පසු තවත් මහා කල්පයක් උදා වීමේදි, ආභස්සර බ්‍රහ්ම තලයෙන් පහළ ඉහළ බ්‍රහ්ම ලෝක හැර, අනෙක් සියලු ලෝක සම්පූර්ණයෙන් දැවී අළු වී විනාශ වී යයි. එම කාලය වන විට පෘථිවිය මත ජීවත්වන බොහෝ සත්වයෝ විනාශ වෙමින් පවතින පොළවේ ආදිනව දැක අහස අරමුණු කරගෙන ජිවත් වෙති. ඒ නිසාම ඔවුන් තුළ ආකාස සංඥාව වැඩෙයි. ඒ වන විට පොළවේ කාම වස්තූන්ද නොවන නිසාම, කාම අදහස් ස්වභාවිකව යටපත් වී, ආකාස සංඥාවෙන් රූපාවචර ධ්‍යාන මට්ටමට සිත වැඩී ඔව්හු මරණින් මතු අහස ඇසුරු කරගෙන දිවිගෙවන ආභස්සර (ආභ + අස්සර, ආභ නම් අභ්‍යාවකාශයයි) නම් බ්‍රහ්ම තලයේ උපත ලබති. කර්මය, කර්ම විපාක විශ්වාස නොකොට මෝහ අන්ධකාරය තුළ පසුවූ ඉතිරි සියලු සත්වයෝ ඒ වනවිට පොළව ආශ්‍රිත අට මහා නිරය විනාශයට පත්ව ඇති නිසා, සක්වල තුනක් මැද සක්න්ධ පරිභ්‍රමණ වේගය නිසා හටගත් ලෝකාන්තරික නම් වූ මහා අන්ධකාරයක් සහ සීතලක් ඇති මහා බිහිසුණු නිරයක උපදිති.
මහා කල්ප විනාශය සිදු වී නැවත මහා කල්පයක් ඇරඹී සත්වයාගේ කර්ම ශක්තියෙන් රස ඕජාව සහිත රස පොළව නිර්මාණය වීමට, අන්ත කල්ප 60 ක අතී දීර්ඝ කාලයක් ගතවන බව පෙන්වා දෙයි. එම කාලය උපමාවලින් පවා පැහැදිලි කළ නොහැකි තරම් අතීශය දීර්ඝ කාලයකි. මෙම සම්පූර්ණ කාලය තුළ අාභස්සර බ්‍රහ්ම තලයේ ජීවත්වන ආදි කල්පික බ්‍රහ්මයන්ගේ භාෂාව වන්නේ මාගධි භාෂාවයි. එනම් හැඟීමේ භාෂාවයි. එය අක්ෂරවලින් ගැට ගසා සාදාගත් භාෂාවක් නොවන නිසාම, එය මිනිස් හැඟීමට අමතන භාෂාවක් නිසාම, මාගධි බසින් පවසන අර්ථයන් වචනාර්ථය ඉක්මවා හැඟීමාර්ථයෙන්ම අවබෝධ වෙයි. අති දීර්ඝ සසර ගමනක යෙදෙන සෑම ලෝක සත්වයෙකුම මෙම ආභස්සර බ්‍රහ්ම තලයේ නොයෙක් වර ජීවත්වී ඇති බව ධර්මය තුළින් පෙන්වා දෙන උදාහරණ අනුවම සැක නැත. යම් දිනෙක බුදු වරයෙකු මාගධි බසින් ලොවට බණ දෙසන විට, එය අසා සිටින සත්වයා කුමන බසක් කතා කරන අයෙකු වුවත්, එදිනට එම බුදු බණ අසා අවබෝධ කරන්නේ, එය අනන්ත සසර තුළ අති දීර්ඝ කාලයක් තුළ භාවිත කළ භාෂාව නිසයි. එම බසෙහි වර නැගෙන ගති හඬ, ගති හඬට අනුකූලවම අවබෝධ වන නිසයි. එය හැඟීමේ භාෂාව වන නිසයි. එම භාෂාව පිළිබඳ අති දීර්ඝ කාලයක මතකය, කර්ම විඤ්ඤාණ කෝෂයේ තැන්පත්ව ඇති නිසයි. ඒ අනුව ආදි කල්පික මනුෂ්‍යයන්ගේ සිට භාවිත වන මාගධි භාෂාව වූ කලී, සත්වයාගේ පාරිශුද්ධත්වය සලසන පරම උතුම් භාෂාවයි. හෙළ බස උපදින්නේ එම උතුම් මාගධි භාෂාව ආභාසයෙනි.
හෙළිවූවන්ගේ බස හෙවත් හෙළ බස, මාගධී මූල බාසාවේ ආභාසයෙන් උපන් බවට ඕනෑතරම් සාක්ෂි දැකිය හැක. බුද්ධ භාෂිතයේ ඇතුළත් බොහෝ වචන හෙළ බස තුළ ඇතුළත් බව දැකිය හැක.
කායේන සංවරෝ සාදු - සාදු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාදු - සාදු සබ්බත්ථ සංවරෝ
සබ්බත්ථ සංවරෝ භික්ඛු - සබ්බ දුක්ඛා පමුච්ඡතු
ආර්යකාන්ත ශීලය ගැන කියැවෙන මෙම උතුම් බුද්ධ භාෂිතය තුළ ඇතුළත් පද කොතරම් ප්‍රමාණයක් වත්මන් හෙළ බස තුළ පවා ව්‍යවහාර වන්නේදැයි අමුතුවෙන් කිව යුතු නැත. බොහෝ හෙළ පද බිහී වී ඇත්තේ මූල මාගධී භාෂාවෙන් බිඳී ආ පදවලිනි. බුදු දහමේ එන නිවන් මාර්ගය වන්නේ ලෝකොත්තර අරි අටඟි මඟයි. එහි එන අංග අටට අයත් පද අටම, හෙළ බස තුළද ඒ අර්ථයෙන්ම භාවිත වේ.
සම්මා දිට්ඨි - දෘෂ්ටිය / දිෂ්ටිය / දැක්ම
සම්මා සංකප්ප - සංකල්ප
සම්මා වාචා - වචන / වචී
සම්මා කම්මන්ත - කර්මාන්ත / කම්
සම්මා ආජීව - ආජීවය / ජීවය
සම්මා වායාම - වායාමය / වෑයම
සම්මා සති - සතිය / අනුස්සතිය
සම්මා සමාධි - සමාධිය / සමථය / සමනය / සමය / සමාචාරය
බුද්ධ / බෝධි /ධම්ම් / සංඝ / පුරිස - පුරුෂ / ඉත්ති - ස්ත්‍රී / දර්ශනය / ප්‍රතිපාදව / පටිපාටිය / විඤ්ඤාණ / ධම්ම / ස්කන්ධය - පංචසක්න්ධය / අර්ථ / අනර්ථ / හිත / අහිත / කුසල / අකුසල / ඤාණ / ජාති / ජරා / මරණ / දෝමනස්ස / ශෝක / පරිදේව / උපායාස / කුණුප / ශුභ / අශුභ /චේතිය (චෛත්‍යය) / අරණ / දේව / බ්‍රහ්ම / මාර / සුර / අසුර / තිරශ්චීන / ප්‍රේත / මනුස්ස / සක්වල (චක්කවාල) / වේදනා / සුඛ / දුක්ඛ / අස්වාද / ආදිනව / නිස්සරණ / ඉන්ද්‍රිය / භව / පුනර්භව / ගති / දුගති / සුගති / කාමය / ආශ්‍රව / ක්ලේෂ (කෙළෙස්) / දෘෂ්ටි / සම්ප්‍රයුක්ත / විප්‍රයුක්ත / අතීත / වර්තමාන / අනාගත / යාන / සමාපත්ති / සමථ / විදර්ශනා / පරාභව / සුරාව / මිථ්‍යා දෘෂ්ටි / කර්ම / විපාක / හේතු ඵල / නිවන / මෝක්ෂය / ඡන්ද / වීරිය / විමංසා / බල / උද්ධච්ච / කුකුස (කුක්කුච්ඡ) / මෛත්‍රී / කරුණා / මුදිතා / උපේක්ෂා / බ්‍රාහ්මණ (බමුණු) / රාජ (රජ) / ධාර්මික (ධම්මික) / වසල / මංගල - අවමංගල / රෝග / ව්‍යාධි / භය / පේම / කය / රිය / අරිය / නානප්‍රකාර (නානප්පකාරස්ස) / ශීල / භාවනා / පුණ්‍ය / පාප / ලෝකය / ධාතු / ආයතන / ප්‍රත්‍යක්ෂ / කේෂා (කෙස්) / ලෝම (ලොම්) / දන්තා (දත්) / හදයං (හදවත) / ඛේලෝ (කෙළ) / අසුචි (අපිරිසිදු ද්‍රව්‍ය අර්ථයෙන්) / නාම / රූප / සලායතන / රූප / ශබ්ද / ගන්ධ / රස / සපර්ශ / චිත්ත / මනෝ / අාරම්මණ (අරමුණ) / ශාන්ත / ප්‍රණීත / උපධි - උපද්‍රව / තණ්හාව / රාගය / ද්වේෂය / මෝහය / විමුක්තිය යනාදි වශයෙන්, මූල මාගධී භාෂාවෙන් බිඳී ආ හෙළ පද තවත් ඕනෑතරම් පෙන්වා දිය හැක. එදිනෙදා අප භාවිත කරන බොහෝ හෙළ පදවල සම්භවය සිදු වී ඇත්තේ තථාගත බුදු පියාණන් වහන්සේ දහම් දෙසූ මූල මාගධි භාෂාවේ පද මුල් කොටගෙන ය. හෙළ බස බුදු රජාණන් වහන්සේ ලොව පහළ වීමෙන් පසුව බිහි වූ භාෂාවකි. අතීතයේදී හෙළ බස තුළ මූල මාගධී ව්‍යවහාරයම පැවැති බව කරුණු ගවේෂණය කිරීමේද පෙනී යයි. නමුත් කල් යාමේදී විවිධ සමාජ පරිවර්තන සමඟ, කාලානුරූපව හෙළ බසෙහි නිරුක්ති වර නැගෙන ආකාරය විවිධ ක්‍රම ඔස්සේ පරිණාමය වන්නට ඇත. ව්‍යවහාරය වෙනස් වන්නට ඇත. සංස්කෘතික ආක්‍රමණයන් සමඟ අලුත් පද හෙළ බසට එක්වන්නට ඇත. අලුත් ව්‍යවහාරයන් එක්වන්නට ඇත. නමුදු තවමත් ඒ කිසිවකට ප්‍රතාපවත් හෙළ බසෙහි ප්‍රාණය සිඳලන්නට හැකි වී නොමැත.
වර්තමානයේ වුවද බුද්ධ භාෂිතයට අයත් නිර්මල දහම් අරුත් මූල නිරැක්ති තුළින්ම ප්‍රකාශ කළ හැකි යම් ජීවාමන බසක් වේ නම්, ඒ අපගේ උදාර හෙළ බසයි. එමනිසා හෙළ බස ලොව අග්‍ර වූ ශ්‍රේෂ්ඨතම භාෂාව ලෙස සැලකිය හැක.
යම් කලෙක සත්වයාට නිර්මල බුදු දහම අවබෝධ කළ හැක්කේ, ලෝකෝත්තර දහම් අරුත් භාෂා අර්ථය ඉක්මවා ගිය පද නිරුක්තියෙන් අවබෝධ කළ විට ය. මහ රහතන් වහන්සේලා ඇතුළු ආර්යයන්ට එක් එක් මට්ටම්වලින් අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාණ යන සිව් පිළිසිඹියා ඤාණ හිමිවන්නේ ඒ නිසා ය. මින් නිරුක්ති යනු කිසියම් නාම පදයක් ඊට අදාළ ක්‍රියාකාරීත්වය තුළින් එහි ගති හඬට අනුව බිහිවන ආකාරය දැකීමයි.
නිදසුනක් ලෙස කාමය යන පදය ගෙන බලමු. කාමය යනු කුමක්දැයි ඇසූ විට නොයෙක් ආකාරයේ පිළිතුරු ලැබිය හැකි. ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන් පිනවීමට ඇති ඇති කැමැත්ත කාමය ලෙස පෙන්වා දෙයි. නමුත් ඒ එහි පද අර්ථයයි. නිරුක්ති අර්ථය ඊටත් ගැඹුරු ය. කා + අම යන පද එක්ව කාමය යන පදය තැනෙයි. කා යනු කා දැමීමයි. නැතහොත් ක්ෂය කර දැමීමයි. අම යනු අමෘතයයි. ලොව්තුරු අරුතින් අමෘතය යනු නිර්වාණයයි. අමෘතය හෙවත් නිවන ක්ෂය කර දමන යමක් ඇද්ද එය කාමයයි. චතුරාර්ය සත්‍යය තුළ ඇතුළත් දෙවන අර්ය සත්‍යය වන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි. ඉන් පෙන්වා දෙන්නේ සත්වයා නැවත නැවත දුකට ඇද දමන හේතුවයි. නැතහොත් සසර තුළ නැවත දුක්ඛස්කන්ධයක් උරුම කර දෙන හේතුවයි. දුක්ඛ සමුදයයි. උක්ත නිරුක්තියට අනුව කාමය යනු දුක්ඛ සමුදයයි. භාෂා අර්ථයෙන් පමණක් ගෙන කාමය යන පදයේ නියාමාකාර අර්ථය අවබෝධ කළ නොහැකි බව ඒ අනුව පෙනී යයි.
මේ අනුව හෙළ බස යනු, නිර්මල බුදු දහම තුළින් පැන නැගි විශිෂ්ට භාෂාවක් බව පැහැදිලි ය. එසේම බුදු දහමින් වෙන් වූ පැවැත්මක්ද එයට හිමි නැති බව පැහැදිලි ය.
තුන් ලෝක සත්වයා සංසාර දුකින් අත මුදවනු පිණිස, සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිරි මුව පද්මයෙන් දෙසා වදළා නිර්මල ලොව්තුරු බුද්ධ භාෂිතය අනුවම කටයුතු කළ මහා සෘර්ධිමහත් සිව් පිළිසිඹියාපත් හෙළ මහා අරිහතුන් වහන්සේලා නිමල මුවින් නිරුක්ති ගන්වන ලද, නිමල බුද්ධ භාෂිතය දහම් පත් මත රන් අකුරින් සටහන් කළ හෙළ බස වූ කලී කොතරම් අසිරිමත්, කොතරම් මහරු බසක්ද ..... කොතරම් පිරිපුන් බසක්ද ..... හෙළ බස යනු මිනිස් ගති හඬ නියාමාකාරයෙන් පළ කරන අංග සම්පූර්ණ භාෂාවක් බව දැකිය හැක. හෙළ බසින් පළ කළ නොහැකි අදහසක් නොමැත. ඕනෑම අදහසක් පළ කිරීම උදෙසා පදයක් හෙළ බස තුළ ඇත.
භාෂාවක් යනු මිනිස් සිතිවිලි ප්‍රකාශයට පත් කළ හැකි කිසියම් මගකි. සංවිධිත අක්ෂර භාෂාවක් යනු පිළිගත් පොදු සංකේත පද්ධතියක් ඔස්සේ සිදු කෙරෙන සන්නිවේදනයකි. මිනිස් ගති හඬ යනු කිසියම් හැඟීමක් හා සම්බන්ධව නිරායාසයෙන් උපදින හඬයි. ශබ්දයයි. එම මිනිස් ගති හඬ මූලික කරගෙන විවිධ භාෂා බිහි වුවත්, හෙළ බස තරම් මිනිස් ගති හඬට සමීප වෙනත් බසක් ඇතැයි සිතිය නොහැක. හෙළ බස යනු මිනිස් ගති හඬ තුළින් උපන් බසක් බව පෙන්වීමට, සෑම හෙළයෙකුටම කිසි දිනෙක අමතක නොවන, සෑම හෙළයෙකුම ජීවිතයේ වන්දනීයත්වයෙන්, පූජනීයත්වයෙන් සලකන අම්මා යන පදය තරම් සොඳුරු උදාහරණයක් තව නැත.
අම්මා යන පදය බිහිවන්නේ ආ + අමා යන පද වර නැගීමෙනි. ආ අමා යනු අමෘතිය දෙන්නී යන අදහසයි. බිළිඳාට මව්කිරි යනු අමෘතයයි. එසේම, එහි ශබ්ද නිරුක්තිය හෙවත් ගති හඬද එයම බව දැකිය හැක. කිසිදු බසක් නොහඳුනන, කිරිකැටි බිළිඳෙකු කුසගිනි වී කිරි ඉල්ලා හඬන විට, නිරායාසයෙන් නැගෙන ගති හඬවල් වන්නේ, ආ ... ආ .... ම්ම්ම් .... උම්ම්...... ම්ම්මාාා .... ආ .;...ආආ........ යන ශබ්දයි. බලන්න අම්මා යන පදය බිහි වී ඇත්තේ එම ගති හඬවල් එක්වීමෙනුයි. ඒ අනුව හෙළ දරුවෙකු මුලින්ම පවසන පදය වන අම්මා යන සාදාදරණීය වචනය පවා තැනී ඇත්තේ මිනිස් ගති හඬම මුල් කරගෙන බව පැහැදිලි ය. එසේ නම් අනෙක් වචන ගැන කුමන තර්කවාදද ........
නමුත් ගැටළුවකට ඇත්තේ හෙළ බස තුළ ඇති ප්‍රමාණික පද සැකසී ඇති ආකාරය පෙන්වා දිය හැකි සිව් පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලා අද දක්නට නොවීමයි. හෙළ රහතන් වහන්සේලා ලියූ හෙළ අටුවාද අද දක්නට නොවීමයි. කෙසේ නමුදු හෙළ බස යනු, මහා අත්‍යයන්ත පදනමක් ඇති, මිනිසාට ජීවිතයේ ආලෝකය උදා කරන, හැඟීම් නිවැරැදිවම ප්‍රතිමූර්තිමත් කරන, නිර්වාණය තෙක් මඟ විවර කර දෙන ලොව අග්‍ර වූ භාෂාව බව පැවසීමට තවමත් ඉතිරි වී ඇති දත්ත ප්‍රමාණවත් ය.
බොහෝ සත්වයන්ට නිර්වාණයට, සුගතියට යාමට නිර්මල දහම් මග පෙන්වූ වූ ශ්‍රේෂ්ඨ හෙළ බස, යම් කලක් මේ හෙළදිව මත බැබළේද, එතෙක් කල් නිර්මල බුදු සසුනද විරාජමානව බැබළෙන්නේ ය. යම් කලෙක, සංවර හෙළ බසෙහි ජීවය නැසී, ඉංග්‍රීසි ඇතුළු අනෙකුත් භාෂා මිශ්‍ර වූ අනන්‍යතාව අහිමි අසංවිධිත අසංවර බසක් වන්නේද, එදිනට, ලොව්තුරු දහම් අරුත්ද සැඟවී, නිර්මල බුදු සසුනද අතුරුදහන්ව යන්නේ ය. හෙළ දීපයේ ප්‍රාණය බඳු හෙළ බස, මුළු මහත් මිනිස් ජාතියේ උන්නතිය උදෙසා රැකිය යුතු. දරු පරපුරටද මේ මහාර්ඝ භාෂාවේ ගැඹුරු අරුත කියා දිය යුතු ...............................
- නලිඳු සැපත් -
හෙළ බස යනු අතීතයේ සිටම බුදු දහම ලෝකයට ගෙන ගිය භාෂාවයි. ලෝකයේ බොහෝ දෙනා ධර්මාවබෝධය ලැබීම පිණිස භාවිත කළ භාෂාවයි. එමනිසාම අතීතයේ සිටම හෙළ බස ලොව ප්‍රඥාවන්තයන් අතර මහත් ගෞරවයට පාත්‍ර විය. අනුරාධපුර දුටුගැමුණු රාජ සමය වන විට, හෙළදිව පමණක් නොව ලොව සතර දෙස, සිව් පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලා දහස් ගණනින් වැඩ සිටි බව පොතපතෙහි දැක්වේ. අනුරාධපුරයේ අති පාරිශුද්ධ ස්වර්ණමාලි මහා සෑ රදුන් වහන්සේගේ ධාතු ගර්භය පිහිටුවනදා එම පින්කමට, ලොව පුරා වැඩ සිටි මහා සෘර්ධිමත් මහ රහතන් වහන්සේලා අනු හය කෝටියක් දෙනා, සෘර්ධි බලයෙන් එම පින්බිමට වැඩම කළ බව ශාසන වංශකතාවෙහි දැක්වෙයි.
ලොව එකල එතරම් බෞද්ධ ප්‍රබෝධයක් පැවතීමට හේතුව වූයේ නිර්මල බුදු සසුනේ නැඟීමයි. නිර්මල බුදු සසුන එලෙස විරාජමාන වීමට එක් හේතුවක් වූයේ, පරම ගාම්භීර බුද්ධ භාෂිතය නිවැරැදිව විග්‍රහ කරමින් හෙළ මහ රහතන් වහන්සේලා විසින් හෙළ බසින් ලියන ලද හෙළ දහම් අටුවා (උද්දේස / නිද්දේස / පටිනිද්දේස වශයෙන්) ලොව පුරා ව්‍යාප්තව පැවැති නිසයි. එකල අනුරාධපුර මහා විහාරය ලොව ප්‍රමුඛ බෞද්ධ මධ්‍යස්ථානය වශයෙන් පැවතී ඇත. හෙළ අටුවා තුළ නිර්මල බුද්ධ භාෂිතය නිවැරැදිව විග්‍රහ කරනු ලැබීම නිසා, පහසුවෙන් ධර්මය අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසිණ. බුදු දහම ලොව තුළ දැවැන්ත ලෙස ව්‍යාප්ත වීමට එය මහත් රුකුලක් විය.
නමුත් පසුව ඉන්දියාවෙන් මෙරටට පැමිණි බුද්ධඝෝෂ නම් භික්ෂුව විසින්, හෙළ අටුවා සංස්කෘත මිශ්‍ර පාලියට නැගීමෙන් අනතුරුව, එම හෙළ අටුවා බොහෝ ප්‍රමාණයක් (හොඳින් වැඩුණු ඇතුන් සත් දෙනෙකුගේ උසට සරිලන ප්‍රමාණයක්) මහා විහාර භූමියේදීම ගොඩ ගසා ගිනිබත් කළ බව පැවසේ. ඉන් සිදු වූයේ හෙළ නිරුක්ති සහිත හෙළ බසින් පවත්වාගෙන එනු ලැබූ නිර්මල දහම් රටාව ක්‍රමයෙන් අභාවයට යාමයි. මිනිසුන් නිර්මල බුදු දහමින් දුරස් වීමයි.
හෙළ බස සම්භවය වූ ආකාරය සලකා බැලීමේදී, හෙළ බස සහ නිර්මල බුදු දහම අතර පවත්නා අන්‍යෝන්‍ය සම්බන්ධය මැනවින් වටහාගත හැකි ය.
හෙළ බස වූ කලී මාගධී මූල භාෂාව හෙවත් තථාගත බුදු පියාණන් වහන්සේ ලොවට ධර්මය දේශනා කළ භාෂාව ආභාසයෙන් උපන්නකි. හෙළ බස වූ කලී සත්වයාගේ පාරිශුද්ධියට අත්වැල් දීම උදෙසාම උපන් බසකි. හෙළ බස යනු, මිනිස් හැඟීම්වලට හිමි ගති හඬ වඩාත් නිවැරැදිව ප්‍රකාශ කළ හැකි මහාර්ඝ සුවිශේෂි භාෂාවකි.
හෙළවීම යනු සත්‍යාවබෝධය ලැබීමයි. අවිද්‍යාව දුරු කිරීමයි. අනන්ත සසරේ සිට අවිජ්ජා අන්ධකාරයේ පෙළෙන සත්වයා හෙළිවීම ලබන්නේ නිර්මල බුදු දහම වෙතිනි. බුදු දහම තුළින් හෙළි වූ මිනිස් ප්‍රජාවක් නිසා එකල මෙහි වීසූවන් හෙළයෝ නමින් හඳුන්වනු ලැබූහ. හෙළිවූවන් අතරද ශ්‍රේෂ්ඨත්වයට පත් (මහ රහත් පරපුරක් බිහි කළ) මිනිස් පරපුරක් නිසා පසු කලෙක ශ්‍රේෂ්ඨ + හෙළ හෙවත් සී + හෙළ බවට පත් විය. පසුව සීහල ලෙසද, සිහල ලෙසද වහරට එක්විය. අද එය සිංහල වී ඇත්තේ කාලයාගේ ඇවෑමෙනි.
මාගධි යන්නෙහි අදහස වන්නේ මාර්ගයේ ආදි භාෂාව යන්නයි. ඊටද හේතුවක් ඇත. අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන ආකාරයට, එක් මහා කල්පයකට පසු තවත් මහා කල්පයක් උදා වීමේදි, ආභස්සර බ්‍රහ්ම තලයෙන් පහළ ඉහළ බ්‍රහ්ම ලෝක හැර, අනෙක් සියලු ලෝක සම්පූර්ණයෙන් දැවී අළු වී විනාශ වී යයි. එම කාලය වන විට පෘථිවිය මත ජීවත්වන බොහෝ සත්වයෝ විනාශ වෙමින් පවතින පොළවේ ආදිනව දැක අහස අරමුණු කරගෙන ජිවත් වෙති. ඒ නිසාම ඔවුන් තුළ ආකාස සංඥාව වැඩෙයි. ඒ වන විට පොළවේ කාම වස්තූන්ද නොවන නිසාම, කාම අදහස් ස්වභාවිකව යටපත් වී, ආකාස සංඥාවෙන් රූපාවචර ධ්‍යාන මට්ටමට සිත වැඩී ඔව්හු මරණින් මතු අහස ඇසුරු කරගෙන දිවිගෙවන ආභස්සර (ආභ + අස්සර, ආභ නම් අභ්‍යාවකාශයයි) නම් බ්‍රහ්ම තලයේ උපත ලබති. කර්මය, කර්ම විපාක විශ්වාස නොකොට මෝහ අන්ධකාරය තුළ පසුවූ ඉතිරි සියලු සත්වයෝ ඒ වනවිට පොළව ආශ්‍රිත අට මහා නිරය විනාශයට පත්ව ඇති නිසා, සක්වල තුනක් මැද සක්න්ධ පරිභ්‍රමණ වේගය නිසා හටගත් ලෝකාන්තරික නම් වූ මහා අන්ධකාරයක් සහ සීතලක් ඇති මහා බිහිසුණු නිරයක උපදිති.

හෙළිවූවන්ගේ බස හෙවත් හෙළ බස, මාගධී මූල බාසාවේ ආභාසයෙන් උපන් බවට ඕනෑතරම් සාක්ෂි දැකිය හැක. බුද්ධ භාෂිතයේ ඇතුළත් බොහෝ වචන හෙළ බස තුළ ඇතුළත් බව දැකිය හැක.
කායේන සංවරෝ සාදු - සාදු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාදු - සාදු සබ්බත්ථ සංවරෝ
සබ්බත්ථ සංවරෝ භික්ඛු - සබ්බ දුක්ඛා පමුච්ඡතු
ආර්යකාන්ත ශීලය ගැන කියැවෙන මෙම උතුම් බුද්ධ භාෂිතය තුළ ඇතුළත් පද කොතරම් ප්‍රමාණයක් වත්මන් හෙළ බස තුළ පවා ව්‍යවහාර වන්නේදැයි අමුතුවෙන් කිව යුතු නැත. බොහෝ හෙළ පද බිහී වී ඇත්තේ මූල මාගධී භාෂාවෙන් බිඳී ආ පදවලිනි. බුදු දහමේ එන නිවන් මාර්ගය වන්නේ ලෝකොත්තර අරි අටඟි මඟයි. එහි එන අංග අටට අයත් පද අටම, හෙළ බස තුළද ඒ අර්ථයෙන්ම භාවිත වේ.
සම්මා දිට්ඨි - දෘෂ්ටිය / දිෂ්ටිය / දැක්ම
සම්මා සංකප්ප - සංකල්ප
සම්මා වාචා - වචන / වචී
සම්මා කම්මන්ත - කර්මාන්ත / කම්
සම්මා ආජීව - ආජීවය / ජීවය
සම්මා වායාම - වායාමය / වෑයම
සම්මා සති - සතිය / අනුස්සතිය
සම්මා සමාධි - සමාධිය / සමථය / සමනය / සමය / සමාචාරය
බුද්ධ / බෝධි /ධම්ම් / සංඝ / පුරිස - පුරුෂ / ඉත්ති - ස්ත්‍රී / දර්ශනය / ප්‍රතිපාදව / පටිපාටිය / විඤ්ඤාණ / ධම්ම / ස්කන්ධය - පංචසක්න්ධය / අර්ථ / අනර්ථ / හිත / අහිත / කුසල / අකුසල / ඤාණ / ජාති / ජරා / මරණ / දෝමනස්ස / ශෝක / පරිදේව / උපායාස / කුණුප / ශුභ / අශුභ /චේතිය (චෛත්‍යය) / අරණ / දේව / බ්‍රහ්ම / මාර / සුර / අසුර / තිරශ්චීන / ප්‍රේත / මනුස්ස / සක්වල (චක්කවාල) / වේදනා / සුඛ / දුක්ඛ / අස්වාද / ආදිනව / නිස්සරණ / ඉන්ද්‍රිය / භව / පුනර්භව / ගති / දුගති / සුගති / කාමය / ආශ්‍රව / ක්ලේෂ (කෙළෙස්) / දෘෂ්ටි / සම්ප්‍රයුක්ත / විප්‍රයුක්ත / අතීත / වර්තමාන / අනාගත / යාන / සමාපත්ති / සමථ / විදර්ශනා / පරාභව / සුරාව / මිථ්‍යා දෘෂ්ටි / කර්ම / විපාක / හේතු ඵල / නිවන / මෝක්ෂය / ඡන්ද / වීරිය / විමංසා / බල / උද්ධච්ච / කුකුස (කුක්කුච්ඡ) / මෛත්‍රී / කරුණා / මුදිතා / උපේක්ෂා / බ්‍රාහ්මණ (බමුණු) / රාජ (රජ) / ධාර්මික (ධම්මික) / වසල / මංගල - අවමංගල / රෝග / ව්‍යාධි / භය / පේම / කය / රිය / අරිය / නානප්‍රකාර (නානප්පකාරස්ස) / ශීල / භාවනා / පුණ්‍ය / පාප / ලෝකය / ධාතු / ආයතන / ප්‍රත්‍යක්ෂ / කේෂා (කෙස්) / ලෝම (ලොම්) / දන්තා (දත්) / හදයං (හදවත) / ඛේලෝ (කෙළ) / අසුචි (අපිරිසිදු ද්‍රව්‍ය අර්ථයෙන්) / නාම / රූප / සලායතන / රූප / ශබ්ද / ගන්ධ / රස / සපර්ශ / චිත්ත / මනෝ / අාරම්මණ (අරමුණ) / ශාන්ත / ප්‍රණීත / උපධි - උපද්‍රව / තණ්හාව / රාගය / ද්වේෂය / මෝහය / විමුක්තිය යනාදි වශයෙන්, මූල මාගධී භාෂාවෙන් බිඳී ආ හෙළ පද තවත් ඕනෑතරම් පෙන්වා දිය හැක. එදිනෙදා අප භාවිත කරන බොහෝ හෙළ පදවල සම්භවය සිදු වී ඇත්තේ තථාගත බුදු පියාණන් වහන්සේ දහම් දෙසූ මූල මාගධි භාෂාවේ පද මුල් කොටගෙන ය. හෙළ බස බුදු රජාණන් වහන්සේ ලොව පහළ වීමෙන් පසුව බිහි වූ භාෂාවකි. අතීතයේදී හෙළ බස තුළ මූල මාගධී ව්‍යවහාරයම පැවැති බව කරුණු ගවේෂණය කිරීමේද පෙනී යයි. නමුත් කල් යාමේදී විවිධ සමාජ පරිවර්තන සමඟ, කාලානුරූපව හෙළ බසෙහි නිරුක්ති වර නැගෙන ආකාරය විවිධ ක්‍රම ඔස්සේ පරිණාමය වන්නට ඇත. ව්‍යවහාරය වෙනස් වන්නට ඇත. සංස්කෘතික ආක්‍රමණයන් සමඟ අලුත් පද හෙළ බසට එක්වන්නට ඇත. අලුත් ව්‍යවහාරයන් එක්වන්නට ඇත. නමුදු තවමත් ඒ කිසිවකට ප්‍රතාපවත් හෙළ බසෙහි ප්‍රාණය සිඳලන්නට හැකි වී නොමැත.
වර්තමානයේ වුවද බුද්ධ භාෂිතයට අයත් නිර්මල දහම් අරුත් මූල නිරැක්ති තුළින්ම ප්‍රකාශ කළ හැකි යම් ජීවාමන බසක් වේ නම්, ඒ අපගේ උදාර හෙළ බසයි. එමනිසා හෙළ බස ලොව අග්‍ර වූ ශ්‍රේෂ්ඨතම භාෂාව ලෙස සැලකිය හැක.

නිදසුනක් ලෙස කාමය යන පදය ගෙන බලමු. කාමය යනු කුමක්දැයි ඇසූ විට නොයෙක් ආකාරයේ පිළිතුරු ලැබිය හැකි. ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන් පිනවීමට ඇති ඇති කැමැත්ත කාමය ලෙස පෙන්වා දෙයි. නමුත් ඒ එහි පද අර්ථයයි. නිරුක්ති අර්ථය ඊටත් ගැඹුරු ය. කා + අම යන පද එක්ව කාමය යන පදය තැනෙයි. කා යනු කා දැමීමයි. නැතහොත් ක්ෂය කර දැමීමයි. අම යනු අමෘතයයි. ලොව්තුරු අරුතින් අමෘතය යනු නිර්වාණයයි. අමෘතය හෙවත් නිවන ක්ෂය කර දමන යමක් ඇද්ද එය කාමයයි. චතුරාර්ය සත්‍යය තුළ ඇතුළත් දෙවන අර්ය සත්‍යය වන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි. ඉන් පෙන්වා දෙන්නේ සත්වයා නැවත නැවත දුකට ඇද දමන හේතුවයි. නැතහොත් සසර තුළ නැවත දුක්ඛස්කන්ධයක් උරුම කර දෙන හේතුවයි. දුක්ඛ සමුදයයි. උක්ත නිරුක්තියට අනුව කාමය යනු දුක්ඛ සමුදයයි. භාෂා අර්ථයෙන් පමණක් ගෙන කාමය යන පදයේ නියාමාකාර අර්ථය අවබෝධ කළ නොහැකි බව ඒ අනුව පෙනී යයි.
මේ අනුව හෙළ බස යනු, නිර්මල බුදු දහම තුළින් පැන නැගි විශිෂ්ට භාෂාවක් බව පැහැදිලි ය. එසේම බුදු දහමින් වෙන් වූ පැවැත්මක්ද එයට හිමි නැති බව පැහැදිලි ය.
තුන් ලෝක සත්වයා සංසාර දුකින් අත මුදවනු පිණිස, සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිරි මුව පද්මයෙන් දෙසා වදළා නිර්මල ලොව්තුරු බුද්ධ භාෂිතය අනුවම කටයුතු කළ මහා සෘර්ධිමහත් සිව් පිළිසිඹියාපත් හෙළ මහා අරිහතුන් වහන්සේලා නිමල මුවින් නිරුක්ති ගන්වන ලද, නිමල බුද්ධ භාෂිතය දහම් පත් මත රන් අකුරින් සටහන් කළ හෙළ බස වූ කලී කොතරම් අසිරිමත්, කොතරම් මහරු බසක්ද ..... කොතරම් පිරිපුන් බසක්ද ..... හෙළ බස යනු මිනිස් ගති හඬ නියාමාකාරයෙන් පළ කරන අංග සම්පූර්ණ භාෂාවක් බව දැකිය හැක. හෙළ බසින් පළ කළ නොහැකි අදහසක් නොමැත. ඕනෑම අදහසක් පළ කිරීම උදෙසා පදයක් හෙළ බස තුළ ඇත.

අම්මා යන පදය බිහිවන්නේ ආ + අමා යන පද වර නැගීමෙනි. ආ අමා යනු අමෘතිය දෙන්නී යන අදහසයි. බිළිඳාට මව්කිරි යනු අමෘතයයි. එසේම, එහි ශබ්ද නිරුක්තිය හෙවත් ගති හඬද එයම බව දැකිය හැක. කිසිදු බසක් නොහඳුනන, කිරිකැටි බිළිඳෙකු කුසගිනි වී කිරි ඉල්ලා හඬන විට, නිරායාසයෙන් නැගෙන ගති හඬවල් වන්නේ, ආ ... ආ .... ම්ම්ම් .... උම්ම්...... ම්ම්මාාා .... ආ .;...ආආ........ යන ශබ්දයි. බලන්න අම්මා යන පදය බිහි වී ඇත්තේ එම ගති හඬවල් එක්වීමෙනුයි. ඒ අනුව හෙළ දරුවෙකු මුලින්ම පවසන පදය වන අම්මා යන සාදාදරණීය වචනය පවා තැනී ඇත්තේ මිනිස් ගති හඬම මුල් කරගෙන බව පැහැදිලි ය. එසේ නම් අනෙක් වචන ගැන කුමන තර්කවාදද ........

බොහෝ සත්වයන්ට නිර්වාණයට, සුගතියට යාමට නිර්මල දහම් මග පෙන්වූ වූ ශ්‍රේෂ්ඨ හෙළ බස, යම් කලක් මේ හෙළදිව මත බැබළේද, එතෙක් කල් නිර්මල බුදු සසුනද විරාජමානව බැබළෙන්නේ ය. යම් කලෙක, සංවර හෙළ බසෙහි ජීවය නැසී, ඉංග්‍රීසි ඇතුළු අනෙකුත් භාෂා මිශ්‍ර වූ අනන්‍යතාව අහිමි අසංවිධිත අසංවර බසක් වන්නේද, එදිනට, ලොව්තුරු දහම් අරුත්ද සැඟවී, නිර්මල බුදු සසුනද අතුරුදහන්ව යන්නේ ය. හෙළ දීපයේ ප්‍රාණය බඳු හෙළ බස, මුළු මහත් මිනිස් ජාතියේ උන්නතිය උදෙසා රැකිය යුතු. දරු පරපුරටද මේ මහාර්ඝ භාෂාවේ ගැඹුරු අරුත කියා දිය යුතු ...............................
- නලිඳු සැපත් -
Nice
ReplyDeleteSystem Mechanic Pro Crack
ReplyDeleteසුපිරි
ReplyDeleteභාෂාව කියන්නෙ විද්‍යාවක්. වාග් විද්‍යාව සමග බැදුනු. හාශාවක් නිකන් පහල වෙන්නෙ නෑ. හිතට එන කරුනු ලිය්න එපා. ඒ කරුනු සනාත කරන කරුනු ඉදිරි පත් කරන්න. ඒ හැර හිතට එන කරුන රසබඑ ලෙස ලිවීම හැකියාවක්. ඒ හැකියවට ගරු කරනවා. ඒ්ත් මේකට අඩිතාලමක් කොහේද තියෙන්නෙ. කෙහෙන්ද මේ කරුනු සනාත කරන්නෙ
ReplyDeletecartoon animator crack Thanks for this post, I really found this very helpful. And blog about best time to post on cuber law is very useful.
ReplyDeletemicrosoft office Crack Thanks for sharing such great information, I highly appreciate your hard-working skills which are quite beneficial for me.
ReplyDeleteThanks for the post. Very interesting post. This is my first-time visit here. I found so many interesting stuff in your blog. Keep posting. itools crack
ReplyDeletentlite crack
ReplyDeleteAtomic Email Hunter Crack
ReplyDeleteFl Studio Crack
Cracks
Ntlite Crack
Powerarchiver Crack
Mackeeper Crack
Malwarebytes Crack
ReplyDeleteIt was just as enjoyable for me as it was for you.
ReplyDeleteI like the drawing and your writing style.
Please continue to shake to your heart's content.
Here are the details: uncomfortably quick, but no doubt
again, as is virtually often the case if you promote this stroll inside.
tuxera ntfs for mac crack
replay radio crack
daemon tools pro crack
substance painter crack
Synthesia crack is a type of application that will give you a sense of the next problem of your car. The OBD Auto Doctor License Key 2021 transfers information and connects to the vehicle. It skills as a link between a car and your pc / Android.
ReplyDeleteHey! This is my first visit to your blog.
ReplyDeleteWe are a collection of volunteers starting with one
a new project in the community in the same niche.
Your blog has provided us with useful information to work with. YOU
did a fantastic job!
windows server 2016 crack
sure cuts a lot pro crack
easeus data recovery wizard crack
privacy eraser pro crack
Excellent blog right here! Additionally your website lots up fast!
ReplyDeleteWhat web host are you using? Can I am getting
your affiliate link in your host? I wish my website loaded up
as quickly as yours lol
adobephotoshop lightroom classic crack
avast pro antivirus crack
megasync pro crack
easeus mobisaver crack
After looking over a number of the blog posts on your
ReplyDeletethe site, I seriously like your way of writing a blog.
I bookmarked it to my bookmark website list and will be checking back soon.
Take a look at my website
as well, and let me know what you think.
scrivener crack
parallels desktop crack
gridinsoft anti malware crack
This is really beneficial software for both you and me.
ReplyDeleteNo errors were detected during the audit.
It's something you can take advantage of. I hope you find it nice
anymp4 data recovery crack
wondershare video converter pro crack
wondershare pdfelement pro crack
ezvid for pc crack
Output Messenger Crack
ReplyDeleteatoll crack
iMyFone Fixppo crack
glary utilities pro crack
speedify crack 2022
ReplyDeleteI am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
balenaEtcher Crack
Autodesk Revit Crack
I am very impressed with your post because this post is very beneficial for me and provides new knowledge to me.
ReplyDeleteProtonVPN
TorGuard
Hotspot Shield
I am very impressed with your post because this post is very beneficial for me and provides new knowledge to me.
ReplyDeleteWindows Firewall Control
IObit Uninstaller
Adobe Fresco