බෞද්ධයන්ට නම්, මෙම නාමය බෙහෙවින් හුරු පුරුදු ය. බෞද්ධ ධර්මයේ සහ බෞද්ධ සාහිත්‍යයේ බොහෝ තැන්වල, සනත් කුමාර මහා බ‍්‍රහ්මයාණන් වහන්සේගේ නාමය සඳහන් වේ.
විශ්වයේ ඇති අසිරිමත්ම හා ජ්‍යේෂ්ඨතම ලෝකය වන අකනිටා ශුද්ධාවාස බ‍්‍රහ්ම ලෝකයේ අනාගාමි බ‍්‍රහ්මයෙකුව ඉපිද බවුන් වඩා එහිදීම අරහත් ඵලයට පත් සනත් කුමාර මහා බ‍්‍රහ්මයාණන් වහන්සේ, පරිනිර්වාණය තෙක් කල්ප දහස් ගණනක් තිස්සේ සමවත් සුවයෙන් එහිම වැඩ වාසය කරති. වරින් වර තව්තිසාව දෙව් ලොව වෙතද වැඩම කරන උන් වහන්සේ, තව්තිසා වැසි දෙවිවරුවන්ට උතුම් සද්ධර්මය දේශනා කොට නැවත බ‍්‍රහ්ම ලොවට වඩිනා බව ධර්මයේ සඳහන් වේ. සූත‍්‍ර පිඨකයේ, දීඝ නිකායේ, මහා වග්ගයේ ඇතුළත් ජනවසභ සූත‍්‍රයේ මෙම සනත් කුමාර මහා බ‍්‍රහ්මයාණන් වහන්සේගේ තව්තිසා සංචාරයක් ගැන සිත් ගන්නා පුවතක් සඳහන් වේ.
තවත් අතකට මෙම නාමය, සිංහලයන් වෙත වඩාත් සමීප වීමට හේතුව, සනත් කුමාර යනුවෙන් නම් ලද බොහෝ අයවලූන් මෙහිදී හමුවන නිසා ය. සනත් කුමාර යනු මනුලොව තුළද ප‍්‍රකට නාමයකි. ශුද්ධාවාස බ‍්‍රහ්ම ලෝකය තුළ, අනාගාමි බ‍්‍රහ්මයන්ගෙන් පවා පිදුම් ලබන නාමයකි. මෙම නාමයේ අර්ථය කුමක්ද ? එය භාෂා නිරුක්තියෙන් වටහා ගත නොහැකි ය. එම නාමයේ අර්ථය වටහා ගත හැක්කේ පද නිරුක්තිය විමසා බැලීමෙනී.

ශුද්ධාවාස බ‍්‍රහ්ම ලෝකය තුළ අරිහතුන් වහන්සේ නමක වශයෙන් වැඩ වාසය කරන, සනත් කුමාර මහා බ‍්‍රහ්ම මහෝත්තමයන් වහන්සේගේ නාමය හා උන් වහන්සේගේ ජීවිතය අතර මොන කරම් අපූරු සම්බන්ධයක් ඇතිදැයි බැලූ බැල්මට පෙනේ. එය උන් වහන්සේගේ දෛවයෙන් ලද නාමයක් විය නොහැකිද ?
Comments
Post a Comment