
අලෝන් යනු බටහිර රටවල ජනප්‍රිය පුරුෂවාචි නාමයකි. මෙය ඉපැරණි හීබෘෘ බසේ ආභාසයෙන් උපන් නාමයකි. හීබෘෘ බසින් ඕක් ගසට ව්‍යවහාර කරන නාමය වන්නේ අලෝන් යන්නයි.
හෙළ නිරුක්තිවලට අනුව මෙම නාමය පරික්ෂා කිරීමේදී වැදගත් කරුණක් අනාවරණය වේ. හෙළ නිරුක්තිවලට අනුව අ + ලෝ + අන් යන පද එක්ව අලෝන් යන නාමය සෑදෙයි. එහි අර්ථය වන්නේ ලෞකිකත්වයෙන් වෙන් වෙන්නා යනුයි. අලෞකික වන්නා හෙවත් ලොව්තුරු / ලෝකෝත්තර වන්නා යනුයි. අලෞකික බව පූර්ණ වූ විට ආ+ලෝකයට, ආලෝකයට පත් වේ.
අව වන දේ / දුකට ඇද දමන දේ හෙවත් පංචකාමය ලොවන සත්වයන් සිටිනා තැන ලොව (ලො + අව) වේ. සබ්බකාය යනු ලොවට හෙවත් ලෝකයට නමයි. ලෝ +කය හෙවත් කය ලොවන සතුන් සිටින තැන ලෝකයයි. පංච කාමයෙන් වෙන්වීම ලෝකයෙන් වෙන් වීමයි. එහි ඇත්තේ පරම නිවනයි.

කෙසේ වුවද මෙහි කිසියම් වැදගත් කරුණක් ඇත. හීබෘෘ ලෝකයේ පැරණිම භාෂාවක් ලෙස සැලකේ. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව, එක් මහා කල්පයක ආරම්භය සිදු වන්නේ, රස පොළව නිර්මාණය වීමෙන් අනතුරුව, සංවට්ටමාන අසංඛ්‍ය කල්පයේදී ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් මෙහි පැමිණෙන ආදි බ්‍රාහ්මික මනුෂ්‍යයන් නිසා ය. ඔවුන් ආබස්සරුවන් විය. ලෝකයේ මුල් කාලීන භාෂා දෙස සහ ආගම් දෙස බැලීමේදී මෙම ආබස්සර යන වචනය විවිධ අයුරින් පරිණාමය වී ඇති බව දැකිය හැක. අාබෘෘ, අබ්දුල්, අබ්බාස්, අභය, අබා, එ්බ්‍රහ්ම් යනාදි නාමයන් නිර්මාණය වී ඇත්තේ එකී මූලික ශබ්දය මුල් කරගෙන ය. ආභස්සර යනු මූල මාගධි පදයකි. ආභ + අස්සර හෙවත් අභ්‍යාවකාශය අැසුරු කරන යන අර්ථය එහි වෙයි. ආභස්සර ලොවින් මෙහි පැමිණෙන ආදි කල්පික මනුෂ්‍යයන් ජීවත්වන්නේද අහස ඇසුරු කරගෙන ය. ස්වයං ප්‍රභා ආලෝකයෙන් යුක්ත සැහැල්ලු සිරුරු ඇති ඔව්හු අහසේ සැරසරමින් දිවි ගෙවති. රස පොළව අනුභව කරති. පසු කාලීනව ක්‍රම ක්‍රමයෙන් රස පොළව ගැන ඇතිවන තණ්හාව නිසා, ක්‍රම ක්‍රමයෙන් පල්ලම් බහින ආදි කල්පික මනුෂ්‍යා දස අකුසල් චේතනා පහළ කර ගනිමින්, බ්‍රහ්මත්වයෙන් පිරිහෙයි. ගුණ දහමින් පිරිහෙයි. ක්‍රමයෙන් රස පොළව අතුරුදහන් වෙයි. ස්වයං ප්‍රභා අාලෝකය අතුරුදහන් වී යයි. සත්වයාගේ කර්ම ශක්තිය අනුව, ලෝකයේ ඉර හඳ තාරකා, ගහ කොළ, ඇළ දොළ ගංගා ඇතුළු පරිසරය නිර්මාණය වෙයි. සත්වයා සහ සත්වයාට අයත් ලෝකය කර්ම ප්‍රත්‍ය 24 ක් ක්‍රියාත්මක වෙමින්, පටිච්ච සමුප්පන්නව නිර්මාණය වන ආකාරය, අභිධර්මයේ එන සූවිසි පට්ඨානය නම් මහා විග්‍රහයෙහි මනාව විස්තර වෙයි.

ග්‍රීකයන්ට ලෞකික නුවණින් දැකිය හැකි වූයේ මහා කල්පයක ආරම්භය දක්වා පමණි. නමුත් සත්වායගේ සංසාරයේ අනන්ත අප්‍රමාණ කාලයක් දුර දුටු තථාගත ලොව්තුරු බුදු පියාණන් වහන්සේ, සත්වායගේ නියම සැපත බ්‍රහ්මත්වය නොව, නිර්වාණය බව පෙන්වා දුන්හ. නිවන යනු ලෝකය හා එක් වූ විට හිමිවන සැපතක් නොව ලෝකයෙන් වෙන් වූ විට හිමිවන සැපතකි. හෙළ නිරුක්තිවලට අනුව අලෝන් යන නාමයෙහි අදහස වන්නේ එයයි.
පරමාර්ථමය වශයෙන් එකිනෙක වෙනස් වුවද, සම්මුති වශයෙන් ඉහත විශ්වාසයන් දෙක තුළම කැටි වී ඇත්තේ එකම මනෝ මූලික මිනිස් හැඟීමක් බව දැකිය හැක. සියලු දෙනා සොයන්නේ පරම නිෂ්ඨාවයි.

ලෝකයේ භාෂා සියල්ල බිහි වී ඇත්තේ, මිනිස් හැඟීම් මුල් කරගෙන ය. ලෝකයේ විවිධ රටවලට බෙදී, විවිධ ජාතිවලට බෙදී, විවිධ ආගම් අදහමින් ජීවත්වන සියලු සත්වයෝ අනන්ත සසර සිට පැවත එන්නෝ ය. සියලු සතුන් ලෝකාරම්භයේදී භාවිත කළේ ආදි කල්පික භාෂාව වූ හැඟීමේ භාෂාවයි. හෙවත් මූල මාගධී භාෂාවයි. එම බසෙහි යම් යම් ආභාසයන්, ශබ්ද ව්‍යවහාරයන් අනෙක් බස් වහරවලටද පසු කාලීනව එක්වන්නට ඇත. එහි සැකසක් නැත. භාෂාවක් යනු වැටකොටු බැඳ සීමාකර තැබිය හැකි ප්‍රපංචංයක් නොවේ. නමුත් හෙළ බස යනු එම ශුද්ධ වූ මූල මාගධී භාෂාව ඇසුරෙන්ම උපන් ශ්‍රේ්ෂ්ඨ වූ භාෂාවකි. එමනිසා හෙළ නිරුක්තිවලට අනුව නාමයක අරුත් නිරුත් විමසීමේදී, ඒ ඒ නම්වල ශබ්ද නිරුක්තීන්ගෙන්, නාම ප්‍රත්‍යයන්ගෙන් කියැවෙන්නේ කෙබඳු අරුතක්දැයි මනාව පැහැදිලි කර ගත හැකි ය.
- නලිඳු සැපත් -
Comments
Post a Comment